FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකාගෙන් වෙනස්ම තීරණයක් එන සතියේ?

විශ්‍රාමික කපිතාන් සේනක ද සිල්වා මහතා නායකත්වය දරන ‘අපේ ජාතික පෙරමුණ’ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමට තීරණය කර ඇතයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

සේනක ද සිල්වා මහතා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන අතර 2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම පසුගිය රාජපක්ෂ පාලකයින් විසින් මොවුන් දෙදෙනාම සිරගත කරනු ලැබිය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ‘ප්‍රජාතන්තවාදී පක්ෂය’ ද තව දින කිහිපයකදී එජාපය සමග සන්ධානගත වීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

මෙම පක්ෂ දෙකෙහි නායකයින් එජාප නායකත්වය සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් පවත්වා නිශ්චිත එකඟත්වයකට පැමිණ තිබෙන බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.