FAST NEWS

24×7 Around the Globe

තම රහස් ප්‍රදේශය පෙන්වා හිරි ඔතප් බිඳීමට තැත් කළ තරුණයාට වැඩ වරදී.

තරුණියන් තිදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වා ඔවුන්ගේ හිරි ඔතප් බිඳීමට තැත් කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.
ඊයේ( 25 ) සවස කල්පිටිය නගරයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.
තමන් මිතුරින් දෙදෙනෙකු සමග මාර්ගයේ සිටින විට පැමිණි අයෙකු ඔහුගේ රහස් ප්‍රදේශය පෙන්වා සිටි බව සිදිධියට මුහුණ දුන් තරුණිය ඇයගේ මවද සමග පැමිණ කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත.

ඒ අනුව අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සිතක් පහළවීම නිසා ඇයට කොළයක ලියූ තම දුරකථන අංකය ලබා දුන්නා හැර වෙනත් දෙයක් සිදු නොවූ බව අත්අඩංගුවට ගෙන ඇති තරුණයා පොලීසිය හමුවේ පවසා ඇත.