වර්තමාන පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ලබන අපේ‍්‍රල් මස 12 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිත වන අතර ඔහුගෙන් පසු පොලිස්පති ධූරය ලබාගැනීම පිණිස පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනකු අතර පොරයක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා. ඔවුන් වනුයේ,
පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න,
ජනාධිපති ආරක්ෂක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර හා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න යන අයයි.
ජාතික පොලිස් කොමිසමේ ව්‍යවස්ථාදායක සභාවේ සහ ජනාධිපතිවරයාගේ අනුමැතිය මත මීළඟ පොලිස්පතිවරයා පත්කෙරෙනු ඇත.









