ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ virgin සමාගම් ජාලයේ නිර්මාතෘ රිචඞ් බ්‍රැන්සන් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා තීරණය කර තිබෙනවා.
ලංකාවේ පවතින යහපත් තත්ත්වය තුළ මෙරට ආයෝජනය සදහා එක්වීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි රිචඞ් බ්‍රැන්සන් මහතා මෙහිදී සදහන් කර ඇත්තේ. ඔහුට මේ වන විට සමාගම් 400කට වැඩි හිමිකාරිත්වය ඇත.
ඉදිරියේදී මෙරට සංචාරයක නිරත වන බවත් සංචාරක ක්ෂේත්රයේ ආයෝජනය කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා දූත පිරිසක් සමග ඉකුත් 19 වැනිදා ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර බලා පිටත්ව ගිය අතර එහිදී වර්ජන් සමාගම් ජාලයේ නිර්මාත රිචඞ් බ්‍රැන්සන් මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ පිළිබඳව අදහස් හුවමාරු වී තිබෙනවා.











