FAST NEWS

24×7 Around the Globe

ජනවාරි මස 30 රාහු කේතු මාරු වේ.ඔබේ ලග්නයට වන වෙනස බලන්න.

වසර එකහමාරක් මුළුල්ලේ කන්‍යා රාශියේ ගමන් කළ රාහු ග‍්‍රහයාත්ල මීන රාශියේ ගමන් කළ කේතු ග‍්‍රහයාත් ජනවාරි මස 30 වැනි දින සිංහයට හා කුම්භයට ඇතුළු වෙයිග ඒ සම්බන්ධ පලාපල විග්‍රහයක් පහත පළවේග

මේෂ ලග්නය

ඔබේ කේන්දරයේ 5 වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්යග රාහු පැමිණ ගුරු ග‍්‍රහයාට යෝග වීමෙන් ඔබේ බලාපොරොත්තු ඉහළින්ම ඉටු කර ගත හැකි වෙයිග හදිසි ගමන් බිමන් යෙදෙන අතර ඒවායින් උසස් ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකියග අලූ‍ත් වැඩපිළිවෙළකට අත ගසන අතර එමඟින් ඔබ බලාපොරොත්තු වූ අයුරින්ම ලාභ ප‍්‍රයෝජන හා දියුණුවක් ලබා ගැනීමට පුළුවනග උත්සාහවන්ත වීමෙන් හා දිරියෙන් යුතුව කටයුතුවල යෙදීමෙන් ජීවිතය සාර්ථක කර ගත හැකි මහඟු‍ අවසථාවක් උදා වෙයිග එයින් නිසි පල නෙළා ගැන්මට උත්සුක වන්නග ඔබේ නිර්මාණ කුසලතා හා හැකියාවන් ලොවට ප‍්‍රදර්ශනය කළ හැකි යහපත් කාලයකිග ඔබේ නම ප‍්‍රසිද්ධියට පත්වෙයිග උගත්කම මෙන්ම ශාස්ත‍්‍රීය දියුණුවද ඇති වෙයිග දරුපල නැති අයට දරුපල හිමිවෙයිග යාන – වාහන හිමිවනු ඇතග රහසිගත සබඳතාවලට ඉඩ ලැබේග මිල – මුදල් ලාභ ලැබෙන අතර ඔබේ තැන්පත් ධනය වර්ධනය වෙයිග හදිසි ධන ලාභයකට ඉඩ ඇතග

වෘෂභ ලග්නය

ඔබේ කේන්දරයේ 4 වැන්නට හා 10 වැන්නට රාහු හා කේතු පැමිණේග මෙතෙක් කරගෙන ආ කටයුතුවල වෙනසක් ඇති වීමට ඉඩ තිබේග අතහැර දමා තිබූ ගොඩනැඟිලි හෝ නිවාස කටයුතු නැවැත ආරම්භ කෙරේග නෑයන්ගෙන් කරදර හා විපත් ඇතිවීමට හැකියග රැකී රක්ෂා කටයුතුවලට විරුද්ධවාදීන්ගෙන් බාධා ඇති වෙයිග දේපොළ හා ඉඩම් පිළිබඳ ගැටලූ‍වලට මුහුණ පෑමට සිදුවෙයිග වාහන ලාභ මෙන්ම වාහන ගමන් – බිමන්ද අධිකව යෙදේග වන්දනා ගමන්වලට යහපත් කාලයකිග ඔබ සමඟම ළඟින්ම සිටිය හිතවත් අයකු නිසා කරදරයකට හෝ රැවටීමකට අසුවීමට පුළුවනග බුද්ධිමත්ව හා විචාරයෙන් නිතර සිටිය යුතුයග විවාහ කටයුතු අවුල්වන අතර පේ‍්‍රම සබඳතා බිඳවැටෙනු ඇතග වෙළෙඳ ව්‍යාපාරයන්හි නියුතු ඔබට යහපත්යග අලෙවි කටයුතුවලින් මහත් ලාභ අත්කර ගත හැකියග සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේග රැකියා කටයුතුවලින් ලාභ ප‍්‍රයෝජන අත්වුවදල වියදම් පක්ෂය අධික වෙයිග සැප්තැම්බර් දක්වා කාලය තුළ ආදායම් තත්ත්වය යහපත් වෙයිග

මිථුන ලග්නය

ඔබේ කේන්දරයේ 3 වැන්නට හා 9 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්යග සතුරු කරදර දුරුවන අතර නඩුහබවලින් ජයග‍්‍රහණය අත්වෙයිග ඇසුරු කරන්නන් සමඟ හොඳ හිත වර්ධනය වෙයිග ඔබේ උත්සාහයෙන් සියලූ‍ දෙය සාර්ථක කර ගත හැකිවෙයිග උසස් ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි කාලයකිග ප‍්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවන අතර ආගිය තැන ගෞරවයට හා සැලකිල්ලට භාජන වෙයිග සිතේ සතුට වැඩි වෙයිග යහපත් හා ධර්මිෂ්ඨ අයගේ ඇසුර වැඩි වශයෙන් හිමි වේග දුරබැහැර වන්දනා ගමන් යෙදෙන අතර පූජ්‍ය කටයුතු සඳහා කාලය හා ධනය වැයවේග ධර්ම සාකච්ඡාවන් හා කතිකාවන් සඳහා ඔබට ඇරයුම් ලැබේග ඔබව උසස් ලෙසින් සමාජ පිළිගැන්මට ලක්වනු ඇතග උසස් නිලතල සඳහා තෝරා ගන්නට බොහෝදුරට ඉඩ තිබේග රැකී – රක්ෂා හා වෙළෙ¼දාම් කටයුතු දියුණු වෙයිග ගොවිතැන් කටයුතු සාර්ථක වීමෙන් වැඩි වැඩියෙන් ලාභ ලැබෙනු ඇතග වාහන හිමිවෙයිග අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයිග බලාපොරොත්තු ඉටු වෙයිග විදේශ ගත ඥාති හිතවතුන්ගෙන් ආධාර උපකාර හිමිවෙයිග ලොතරැයි ලාභයකට ඉඩ ඇතග

කටක ලග්නය

ඔබේ කේන්දරයේ අයස්ථානය වූ දෙවැන්නට රාහු පැමිණෙන අතර කේතු අටවැන්නට පැමිණේග රාහු පැමිණ ගුරු සමඟ යෝග වීම ඉතාම යහපත් වෙයිග අගෝස්තු 11 වැනිදා වනතුරු රාහු ගමන් කරනුයේ ධන කාරක ගුරු සමඟ බැවින් මෙම වකවානුව තුළ ඔබේ මුදල් තත්ත්වය යහපත් වනු ඇතග රැකී – රක්ෂාල ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලින් සැලකිය යුතු ආදායමක් හිමිවෙයිග තනතුරු උසස් වෙයිග ආදර සංග‍්‍රහ හිමිවෙයිග ජීවිතයේ සතුටට හේතුවන බොහෝ දේ ඔබට නොඅඩුව ලැබේග නිවෙසේ ප‍්‍රීතිය රජයනු ඇතග දරුවකුගේ ජයග‍්‍රහණයක් හෝ මංගල කටයුත්තක් බලාපොරොත්තු විය හැකියග අධ්‍යාපන කටයුතු සඳහා තිබූ බාධක ඉවත් වෙයිග රැකියා කටයුතු සාර්ථක වන අතර උසස් තත්ත්වයක් අපේක්ෂා කළ හැකියග ශරීර සනීපයට යහපත් කාලයකිග ගෘහ ජීවිතය වාසනාවන්ත වෙයිග දරු සම්පත් හිමි වනු ඇතග ඔබේ බිරියට හෝ සැමියාට හදිසි ධන ලාභයක් හිමි වන අතර එය ලොතරැයි දිනුමක් වීමට බොහෝදුරට ඉඩ ඇතග විදේශ සංචාර හෝ විදේශ රැකියා බලාපොරොත්තු වන ඔබගේ සිහිනය මල්පල ගැන්වෙනු නියතයග

සිංහ ලග්නය

ඔබේ කේන්දරයේ ලග්න භාවයට රාහුදල හත් වැන්නට කේතුද පැමිණෙයිග මෙය ඔබට යහපත් ග‍්‍රහ ගෝචරයකිග වසර 1 1රැු2කට පසු උදාවූ රාහු – කේතු මාරුවෙන් ඔබට වාසනාව උදාවනු ඇතග ගෘහ ජීවිතය සැපවත් වන අතර වාසනාවන්ත ද වෙයිග නවක මිතුරු මිතුරියන් හඳුනා ගන්නට අවස්ථාව උදා වෙයිග ඔවුන්ගෙන් ඔබේ දියුණුවට උදව් උපකාර ලැබෙනු ඇතග නිවෙසේ අලංකාරය සඳහා වැඩි වියදමක් දරන අතර නිවෙසට නවීන ගෘහ උපකරණ රැසක් මිලදී ගන්නට අවස්ථාව උදා වෙයිග විවාහයක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් හට රූමත් තරුණ අයකු සමඟ විවාහ වීමට අවස්ථාව ලැබෙනු ඇතග මෙතෙක් සිතේ පැවැති කලබලකාරීල නොසන්සුන් ගති මඟහැරී ස්ථිරත්වයක් සිත තුළ ඇති වෙයිග පදිංචිය ස්ථිර වෙයිග නව නිවාසයක් තැනීමට හැකි වෙයිග දේපොළ භුක්තිය ලැබෙනු ඇතග මෙතෙක් කරගෙන ආ රැකියාල ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වෙනදාට වඩා දියුණුවට පත්වෙයිග උනන්දුව වැඩි වීමෙන් තම ප‍්‍රසිද්ධියට කරුණු යෙදේග හදිසි භූමි ලාභයකට හෝ ධන ලාභයකට ඉඩ තිබේග

කන්‍යා ලග්නය

ඔබේ කේන්දරයේ 12 වැන්නට රාහු පැමිණෙන අතර කේතු සය වැන්නට පිවිසෙයිග මෙම ග‍්‍රහ ගෝචරය එතරම් යහපත් නැතග මිශ‍්‍රපලදායකයග සිත්තැවුල්වලට මුහුණ පෑමට සිදුවෙයිග අතීතය දෙස බලා සුසුම් හෙළීමට සිදුවන අතර අනාගතය පිළිබඳව අවිනිශ්චිත බියක් දැනෙනු ඇතග සිතේ සතුට හොරු පැහැරගෙන ගියා සේ දැනෙන්නට පටන් ගනීග සතුරන් නිසා සිතට බියක් ඇති වෙයිග නිතර සැකයෙන් පසුවන්නට සිදුවෙයිග වියදම් අධික වන අතර ඊට සමගාමීව ගමන් – බිමන් ඇති වෙයිග ඒ සමඟම නිෂ්ඵල ගමන්වලට ශ‍්‍රමය හා කාලය වැය කිරීමටද සිදුවෙයිග රැකී – රක්ෂාල ව්‍යාපාරල ගොවිතැන් ආදී කටයුතුවලින් ලාභවලට වඩා පාඩු සිදුවිය හැකියග මිල – මුදල් අතින් හිඟපාඩු ඇති වෙයිග නඩුහබල හදිසි අනතුරුවලින් චිත්ත පීඩා හා ශාරීරික පීඩා ඇති වීමට ඉඩ තිබේග ජයග‍්‍රහණය පතා කරන ක‍්‍රියාකාරකම්වලින් බොහෝදුරට පරාජය අත්වෙයිග බලාපොරොත්තු කඩවෙයිග කේතුගෙන් යහපත් ප‍්‍රතිඵල උදා කරන අතර ගෞරවයදල දියුණුවදල මිල – මුදල් ලාභද හිමි වෙයිග ගරු සැලකිලි ලැබේග සිතේ සතුට ඇති වෙයිග ප‍්‍රීතිමත් ගමන් යෙදේග

තුලා ලග්නය

ඔබේ කේන්දරයේ 11 වැන්නට රාහු ග‍්‍රහයාදල 5 වැන්නට කේතු ග‍්‍රහයාද පැමිණීමෙන් ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇතග ගෙවී ගිය වසර 1 1රැු2ට වඩා ඉදිරි කාලය තුළ ඔබේ දියුණුවට කටයුතු

සිද්ධ වෙයිග කරන කියන කටයුතුවලින් වැඩි ලාභ හිමි වන්නට ඉඩ තිබේග එමෙන්ම තරග ක‍්‍රීඩා ජයග‍්‍රහණය පතා කරන කටයුතුවලින් ජය හිමි වනු ඇතග බලාපොරොත්තු රහිත අවස්ථාවක හදිසි මුදල් ලාභයක් හෝ ලොතරැයි දිනුමක් හිමි වෙයිග මිල – මුදල් යහමින් අත රැෙක්‍ෂනු ඇතග ඔබේ බැංකු ගිණුම් තරවන කාලයකිග සිතද අයාලේ යන්නට ඉඩ තිබේග

ඒ සඳහා නිර්ලෝභීව මුදල් වියදම් කරනු ඇතග සිතට විරුද්ධ වැඩ කිරීමට පෙලඹෙන අතර අසාධාරණ අන්දමින් මුදල් සෙවීමටද සිත් දෙයිග සමහර විට නපුරු වැඩවලටද සම්බන්ධ විය හැකියග ඉඩකඩම්ල ගෙවල් ආදිය හිමිවන වාසනාවන්ත කාලයකිග

ඔබේ බලය වර්ධනය වෙයිග රැකී – රක්ෂාල වෙළහෙළ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් යහපත් හා උසස් ප‍්‍රතිඵල ලැබේග ගෘහ ජීවිතය සතුටින් ගත වන අතර පවුලට අලූ‍ත් සාමාජිකයන් එක්වනු ඇතග

වෘශ්චික ලග්නය

ඔබේ කේන්දරයේ 10 වැන්න වූ කර්මස්ථානයට රාහුදල ගෘහස්ථානය වූ 4 වැන්නට කේතු ග‍්‍රහයාද පිවිසෙයිග නොතේරුම්කම නිසා හෝ උද්ධච්චකම නිසා හෝ ගෘහ ජීවිතයේ ගැටලූ‍ ඇති කර ගනීග ප‍්‍රවේශමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයකිග හැකි තරම් කටින් පිටවන වචන පිළිබඳව කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙයිග ඥාතීන්ගේ දෝෂදර්ශනයට ලක්වනු ඇතග රැකී – රක්ෂා වෙළෙ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් පාඩුල අලාභ සිදුවෙයිග

හදිසි අනතුරුවලට ඉඩ ඇතග නිවාස හා ගොඩනැඟිලි වැඩට බාධා පැමිණේග අමනුෂ්‍ය දෝෂ බලපවත්වන අතර පදිංචි නිවෙස අපිරිසුදු වන කාලයකිග ගුණධර්ම වියැකී ගොස් පව් වැඩවලට සිත යොමු වෙයිග අනියම් කම්සැප සොයා යෑම නිසා නින්දාවට පාත‍්‍ර වෙයිග විවාහ යෝජනා එතරම් සාර්ථක නොවේග ගුරු මේ වන විට රාහුට යෝගව ගමන් කරන බැවින් ඉහතකී අපල තත්ත්වය බොහෝදුරට සමනය විය හැකියග ඉගෙනීමෙන් පල ලැබීමට පුළුවනග රසවත්ල මිහිරි ආහාරපාන භුක්ති විඳීමට ලැබේග අලූ‍ත් ස්ථානයකට හෝ නව රැකියාවකට යෑමට සිදුවිය හැකියග

ධනු ලග්නය

ඔබේ කේන්දරයේ පුණ්‍යස්ථානය වූ නව වැන්නට රාහු ග‍්‍රහයාදල වික‍්‍රමස්ථානය වූ තුන් වැන්නට කේතු ග‍්‍රහයාද පිවිසෙයිග දුර බැහැර වන්දනා ගමන්වල යෙදීමට සිදුවෙයිග ආගමික කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් හා කාලයක් මිඩංගු කරනු ඇතග අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර නව විෂයන් ඉගෙනීම කෙරෙහි සිත යොමුවෙයිග විභාගවලින් ජය අත්වෙයිග භාෂා කිහිපයක් ඉගෙනීමට අවස්ථාව උදා විය හැකියග පිටරට හා එම පළාත්වල අය සමඟ කරන ගනුදෙනු හා කටයුතුවලින් වැඩි ලාභ හිමි වෙයිග විදේශ ගමන්වලට තදින්ම සිත යොමු වෙයිග ඒ පිළිබඳ වැඩි උනන්දුවක් හා අවධානයක් දැක්වීමෙන් එම සිතිවිලි සාක්ෂාත් කර ගත හැකි අතර විදේශයක වාසය සඳහා යෑමට ඉතාම සුදුසු කාලය මෙය වනු ඇතග අගෝස්තු 11 දක්වා කාලය යහපත්යග ජීවිතයේ නව පරිච්ෙඡ්දයක් පෙරළන්නටද ඉඩ ඇති කාලයකිග සතුරන් හා ඊර්ෂ්‍යාකාරයන් නිසා සිතට කරදර හා පීඩා ඇති වෙයිග මිල – මුදල් හිඟවෙයිග නොතේරුම්කම නිසා හෝ මෝඩල උද්ධච්චකම නිසා හෝ ප‍්‍රශ්න වැඩි කර ගනු ඇතග

මකර ලග්නය

ඔබේ කේන්දරයේ 8 වැන්නට හා ධනස්ථානය වූ 2 වැන්නට රාහු හා කේතු පිවිසෙයිග මෙම ග‍්‍රහ ගෝචරය ඔබට එතරම් යහපත් නැතග රැකී – රක්ෂාල ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට බාධා පැමිණෙන අතර ඒවායින් පාඩු

සිදුවනු ඇතග ණයතුරුස් වීමට පවා සිදුවන දුක්බර කාලයකිග වැඩි විශ්වාසයක් ඇතිව කරන කටයුතුවලින් ජයග‍්‍රහණයට වඩා පාඩු සිදුවෙයිග හවුල් ව්‍යාපාර වැනි මුදල් යොදවා කරනු ලබන ආයෝජනවලින් අලාභ ඇතිවෙයිග

සිතේ නොසන්සුන් ගතිය වැඩි වෙයිග ගෘහ ජීවිතයේද අසමඟිකම් ඇති විය හැකියග අනවශ්‍ය හා නොගැළපෙන කතාබහ නිසා පවුලේ සමඟියට බාධා පැමිණේග සිතට මරණ බියක් දැනෙන්නට වුවද හැකි කාලයකිග

නිදන් ගත රෝග සෑදෙන අතර රෝහල්ගතව කලක් ප‍්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකියග ඔබේ සිරුරේ පාදයක ශල්‍ය කර්මයකට ඉඩ ඇතග

වැරැදි ක‍්‍රියාමාර්ගවලට යොමුවන කාලයක් බැවින් සිහිනුවණින් කටයුතු කළ යුතුයග සොර සතුරු කරදරවලින් පාඩු සිදුවෙයිග ශරීර සැපයට බාධා වන අතර සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබෙන දුක්මුසු කාලයකිග

කුම්භ ලග්නය

ඔබේ කේන්දරයේ 7 වැන්නට රාහු ග‍්‍රහයාදල ලග්න භාවයට කේතු ග‍්‍රහයාද පිවිසෙයිග ගුරු ග‍්‍රහයාට යෝග වීම නිසා රාහු – කේතු මාරුව ඔබේ ලග්නයට යහපත් ප‍්‍රතිඵල උදාකරනු ඇතග ගුරු ග‍්‍රහයා 7 වැන්නේ ස්ථානීය බලයෙන් යුක්ත බැවින් ඔබට උසස් ප‍්‍රතිඵල ලබා ගත හැකියග මංගල යෝග උදාවන අතර විවාහයට යහපත් කාලයකිග යහන් සුව විඳීමට ඇති බාධා ඉවත් වෙයිග සිතට හා ගතට සැප ලැබෙන වාසනාවන්ත කාලයකිග අනුමානයට කරන වැඩවලින් ජයග‍්‍රහණය අත්වෙයිග හදිසි ධන ලාභ හා ලොතරැයි ලාභ වැඩිවීමේ වැඩි ප‍්‍රවණතාවක් පවතීග

ස්ත‍්‍රී පුරුෂයන් අතර හොඳ හිත වර්ධනය වීමෙන් ගෘහ ජීවිතය සතුටින් ගත වනු ඇතග දේශපාලන හා සමාජ සේවා කටයුතුවල නිරත ඔබට එම කටයුතුවලින් ජයග‍්‍රහණය හා දියුණුව ඇති වෙයිග වාසනාවන්ත කාලයක් බැවින් උනන්දුවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සියලූ‍දේ යහපත් කර ගත හැකියග යාන – වාහන ලාභද ඇති වෙයිග ජීවිතයේ අමුතුම ආකාරයේ වෙනසක් ඇති වන අතර හවුල් ව්‍යාපාර කටයුතු ආරම්භයටද ඉතාම සුදුසුයග

මීන ලග්නය

ඔබේ කේන්දරයේ හය වැන්නට

රාහුදල කේතු ග‍්‍රහයා 12 වැන්නටද පිවිසෙයිග රාහු තමන්ට ඉතාම ගැළපෙන ස්ථානයට පැමිණීමෙන් ඔබට ඉතාම යහපත් කාලයක උදාවක් සනිටුහන්

කරවනු ඇතග රැකී රක්ෂාල වෙළහෙළ¼දාම් හා ගොවිතැන් කටයුතුවලින් වැඩි වැඩියෙන් ලාභ අපේක්ෂා කළ හැකියග අතගසන සෑම කටයුත්තක්ම ඉතා ඉහළින්ම සාර්ථක වෙයිග ප‍්‍රීති උත්සව හා සම්භාෂණ සඳහා ආරාධනා ලැබේග

උසස් පුද්ගලයන් හා උරෙන් උර ගැටී සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදා වෙයිග සොර සතුරු කරදර පහව යනු ඇතග ණය ගනුදෙනුවලින් ලාභ අත්වෙයිග ඔබේ බැංකු ගිණුම් තරවන කාලයකිග ජීවිතය පුරා සතුට හා ප‍්‍රීතිය පවතිනු ඇතග ඔබ කැමැති ආකාරයෙන් කම්සැප විඳීමට ලැබෙන ඉතා මනරම් ග‍්‍රහ ගෝචරයකිග නව රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබගේ ප‍්‍රාර්ථනා මල්පල ගැන්වෙනු ඇතග කෙසේ හෝ ආදායම වැඩි වීමෙන් නව ආයෝජන අවස්ථාවන් සඳහාද සිත යොමු වෙයිග

සිරුරේ ලෙඩදුක් පහව ගොස් නිරෝගී ජීවිතයක් ගත කිරීමට තරම් ඔබ වසනාවන්තයකු වනු ඇතග