IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ මීළඟ ම්ලේච්ඡ ප්‍රහාරය බ්‍රිතාන්‍ය ඉලක්ක වන බවට ඔවුන්ගේ නවතම ප්‍රචාරණ වීඩියෝවකින් අනාවරණය කර තිබේ.
පසුගිය වසරේදී ප්‍රංශයේ, පැරිස් නගරය ඉලක්ක කරමින් එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තයන් 09 දෙනා පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයට මුසු කරමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
නොවැම්බර් 13 වැනිදා එල්ල කෙරුණු පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන්ගේ අවසන් ප්‍රකාශය දැක්වෙන වීඩියෝව ලෙස ඔවුන් මෙය ඉදිරිපත් කර ඇත.








