ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාංගනවල තණතිලි කිසිදු විවිධත්වයක් තොර බව එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මීත් දැඩි ලෙස විවේචනයට බදුන් කර ඇති බව ක්‍රීඩා වාර්තා සඳහන් කර සිටියි.
ගැබා සහ වකා යන ක්‍රීඩාංගණ වල පවතින තණතිලි පිළබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා ස්මීත් මෙලෙස දැඩි ලෙස විවේචනය කර ඇත.
කෙසේ නමුත් ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ පවතින තණතිලි පිළිබඳව ස්මීත් සිය ප්‍රසාදය ඵල කර තිබේ.
මෙම ක්‍රීඩාංගණ නවීකරණය කිරීමට වහාම ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කළ යුතු බව නායක ස්ටීවන් ස්මීත් වැඩි දුරටත් අවධාරණය කර ඇත.







