FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්‌ එෆ් සී අයි ඩී ගෙන ගිය එක ගැන අර්ජුන ප්‍රථම වරට අදහස් ඵල කරයි.

ඇතැම් දේශපාලනඥයන්ට විරුද්ධ පැමිණිලි විභාග කිරීමට පොලිස්‌ මුල්‍ය අපරාධ කොට්‌ඨාසය ඒ අයගේ නිවෙස්‌වලට යන පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ එෆ් සී අයි ඩී එකට කැඳවීම ගැටලුකාරී තත්ත්වයක්‌ බව හිටපු ක්‍රිකට්‌ නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇන්ජලෝ ප්‍රසිද්ධියේ එෆ් සී අයි ඩී කැඳවීමෙන් ඔහුට ද දූෂණ චෝදනා එල්ල වී ඇති බව ලෝකයාට හැඟීමක්‌ ඇති විය හැකි බව ද රණතුංග මහතා පෙන්වා දුන්නේය.

වැරැද්දක්‌ තියෙනවා නම් පරීක්‍ෂණ කරන්න ඕනේ. සමහර දේශපාලකයන්ගෙන් එෆ් සී අයි ඩී එක ප්‍රශ්න කරන්නෙ ගෙදරට ගිහිල්ල දොර වහගෙනයි. ක්‍රිකට්‌ නායකයාගෙනුත් එහෙම ප්‍රශ්න කරන්න තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරයාත් ක්‍රිකට්‌ ආයතනයත් මෙවැනි තීරණයක්‌ ගැනීම කනගාටුවට කරුණක්‌ යෑයි රණතුංග මහතා පැවසීය.

යාපනේ මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ (24 දා) පැවැති ක්‍රීඩා පුහුණු කඳවුරකට සහභාගි වෙමින් රණතුංග මහතා එසේ සඳහන් කළේය.