FAST NEWS

24×7 Around the Globe

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවට 96 ලෝක කුසලනය දිනු කණ්ඩායමේ 3 දෙනෙක්?

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවට එක්වන්නැයි හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කී‍්‍රඩක අරවින්ද ද සිල්වාට ආරාධනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ කෙසේ වෙතත් ඔහු ඊට මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
ඊයේ (24) දිනයේ ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එම ආරාධනය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ආරංචි වන්නේ. අරවින්ද ද සිල්වා කලක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

මේ අතර සනත් ජයසූරිය සහ හෂාන් තිලකරත්නටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවට එක්වන්නැයි ආරාධනා ඉදිරිපත් වී ඇති බවයි කි‍්‍රකට් ආරංචි පැවසුවේ. කපිල විජේගුණවර්ධන මහතා සභාපතිත්වය දරන වත්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ ගිවිසුම් කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.