ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළාත් විස්සය20 තරගාවලිය එළැඹෙන 26දා කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
කොළඹ කොමාන්ඩොස් (මිලින්ද සිරිවර්ධන), ගාල්ල ගාඩියන්ස් (දිනේෂ් චන්දිමාල්), කුරුණෑගල වොරියර්ස් (මහේල උඩවත්ත), හම්බන්තොට ටෘපර්ස් (තිලකරන්න ඩිල්ෂාන්) හා කැන්ඩි කෘසඩර්ස් (ළහිරු තිරිමාන්න) යන කණ්ඩායම් හා නායකයන් යටතේ තරගාවලිය පැවැත්වෙයි.
මෙහි සියලු තරග ඛෙත්තාරම පිටියේ පැවැත්වෙන අතර අවසන් මහ තරගය පෙබරවාරි 05දා පැවැත්වීමට නියමිතය.
තරග කාල සටහන පහතින්
තරගාවලියට එක්වන කණ්ඩායම්.











