දශක දෙකකට වැඩි කාලයක් සහ ටෙස්ට් තරඟ 164කදී බටහිර ඉන්දීය කොදෙව් පිළ නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වන ශිවනරීන් චන්ද්‍රපෝල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව නිල නිවේදනය කර ඇති බව ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් බ්‍රයන් ලාරාට පසුව වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම් ටෙස්ට් ලකුණු 11,867ක් රැස්කරගෙන සිටින චන්ද්‍රපෝල් පසුගිය වසරේ මැයි මාසයෙන් පසු ටෙස්ට් එකදු ටේස්ට් තරඟයකට හෝ සහභාගි වී නොමැත.
ටෙස්ට් ශතක 30ක් රැස්කරගෙන ඇති චන්ද්‍රපෝල් ඉන්දියාවට එරෙහිව 2002 වසරේ පැවැති ටෙස්ට් තරඟයකදී පැය 25ක් මුළුල්ලේ පන්දු 1050කට මුහුණ දී කඩුල්ල රැක ගැනීම ද මෙතෙක් බිද නොමැති වාර්තාවකි.







