FAST NEWS

24×7 Around the Globe

මුදලට තරඟ පාවාදෙන්නන්ට දඬුවම් ලබාදීම ගැන  ගැටළුවක්.

මුදලට තරඟ පාවාදෙන්නන්ට දඬුවම් ලබාදීමට තරම් නීතිප්‍රතිපාදන තවමත් ස්ථාපිතව නැතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රී අලගරත්නම් මහතා පවසයි.

මෙරට නීති සංග්‍රහය තුළ එවැන්නක් තවමත් ස්ථාපිත කර නැති බවත්, මේ සඳහා අලුතෙන් නීතියක් ගෙනඒමට සිදුව ඇති බවත්, ඒ මහතා පැවසීය. මුදලට තරඟ පාවාදීම විශේෂ අපරාධයක් ලෙස මෙරට නීති පද්ධතිය තුළ දැනට හඳුනාගෙන නැති බව ඒ මහතා පෙන්වාදුන්නේය.

එහෙත් දැනට පවත්නා අපරාධ නීති සංග්‍රහයේ චීටින් (Cheating) කියන වරදට යටත්ව එය ගෙන ආ හැකි බව ඒ මහතා පැවසුවේය.ඒ අනූව මුදලට තරඟ පාවාදෙන පුද්ගලයින්ට දඬුවම් කළ හැකි පරිදි නව නීති සංග්‍රහයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ඒ මහතා කීවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ වංචා නීතිය යටතේ අදාළ පුද්ගලයින්ට දඬුවම් කළ හැකි බවයි.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මේ ගැන අදහස් දක්වමින් මෙවැනි පුද්ගලයින්ට දඬුවම් කළ හැකි නව නීතියක් ඉදිරි මාස දෙක තුළ ස්ථාපිත කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කර ඇත.