FAST NEWS

24×7 Around the Globe

ඔබාමාගේ විශේෂ සහායකයෙකු ඉදිරි සතියේ ලංකාවට එන්නේ ඇයි?

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු ඉදිරි සතියේදී මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් මෙම සංචාරය සිදු වන බව සඳහන්ය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තොරතුරු වැඩසටහන් කාර්යාලයීය සම්බන්ධීකරණ නිලධාරි මේකන් පිලිප්ස් මෙලෙස ඉදිරි සතියේදී දිවයිනට පැමිණිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති බැරැක් ඔබාමාගේ විශේෂ සහායකයෙකු ලෙස කටයුතු කරන මේකන් පිලිප්ස් ඩිජිටල් උපාය මාර්ග අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි.

මීට පෙර ඔහු කටයුතු කළේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ නව මාධ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසයි.