කන්යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක් පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. පළලින් කුඩා පටලයක් ආකාරයට මලක පෙති හැඩයට, සිදුරු සහිතව හෝ සිදුරු රහිත සම්පූර්ණ පටලයක් ලෙස නොයෙකුත් ආකාරයෙන් කන්යා පටලය යෝනි මාර්ගයේ පිහිටා තිබිය හැකිය.
කන්යා පටලයෙන් යෝනි මාර්ගයට විශේෂ කාර්යයක් ඉටුනොවේ. නමුත් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමකදී යෝනි මාර්ගයේ සිට පිටතට රුධිරය ගලායන්නේ කන්යා පටලයේ සිදුරු හරහාය. යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී යන ලෙස කන්යා පටලය ඇතැම් කාන්තාවන්ගේ පැවතිය හැකිය.
මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි අවස්ථාවකි. මෙවැනි කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය ගලා නොයයි. එවැනි අවස්ථාවකදී ඇයගේ කන්යා පටලය සුළු සැත්කමකට ලක්කළ යුතුය. මෙම තත්ත්වය හඳුනාගත හැක්කේ වැඩිවියට පත්වූ යුවතියන්ගේ ඔසප් වීමේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය පිටවීමක් සිදු නොවීමෙනි.
කන්යාපටලය බිඳීයැම
පළමු එක්වීමේදී කන්යා පටලය බිඳී ගියද රුධිරය පිටවීමක් සිදු නොවිය හැකිය. එවැනි කාන්තාවෝ 20% ක් පමණ සිටිති.
කාන්තාවන්ගේ කන්යා පටලය නැතිවීම හෝ ඝනවීමට වයස හෝ ක්රීඩා කටයුතුවල නිරත වීම බලපාන්නේ නැත. එය ඇයගේ උපතින් ඇතිවන දෙයකි.
අධික වේදනාව
පිවිතුරු බව තීරණය කරන සාධකයක් ලෙස කන්යා පටලය සමාජයේ මුල් බැස පැවතීම නිසා බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු පළමු එක්වීම කෙරෙහි දක්වන්නේ අනියත බියකි.
මෙම බිය නිසා ඇතිවන දැඩි මානසික පීඩනය හේතුවෙන් ලිංගික එක්වීමකදී ඉහිල් විය යුතු යෝනි මාර්ගයේ මාංශ පේශි එසේ නොවී දැඩි ලෙස තද වීමකට ලක්වේ.
මෙම තත්ත්වය නිසා අඹුසැමි යුවලට නිසි ලෙස ලිංගිකව එක්වීමට නොහැකිවේ. යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම නිසා යම් වේදනාවක් මතුවේ. එය කන්යා පටලය බිඳීයැමේදී යෑයි ඇතැම් දෙනා වැරැුදි මත පතුරුවාහරිති.
පිවිතුරුබව
ඇතැම් කාන්තාවන් විවාහයට පෙර තම සහකරුවා සමග යෝනි මාර්ගයේ ලිංගික කටයුතු වල නොයෙදී දෙපාවල කලවා අතර ලිංගික කටයුතුවල යෙදෙති. මෙය අනාරක්ෂිත ලිංගික හැසිරීමකි. ඉන් ගැබ් ගැනීමක් මෙන්ම ලිංගික රෝග බෝවීමේ අවදානමක්ද පවතී.
මෙවැනි කාන්තාවන්ගේ කන්යා පටලයට හානි සිදුවීමක් නොවුනද ගැබ් ගැනීමක් හෝ ලිංගික රෝගයක් ඇතිවිය හැකි නිසා පිවිතුරු බව සම්බන්ධව ඇති සමාජයේ සම්මත ආකල්පය අභියෝගයට ලක්වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.