FAST NEWS

24×7 Around the Globe

ඇබා යලි එක වහලක් යටට.

ඇබා 1970 දශකයේ ජනප‍්‍රිය පොප් සංගීත කණ්ඩායමකි. සාමාජිකයින් හතරදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ ගීත තවමත් ජනප‍්‍රියය. කාලයත් සමඟ ඇබා කණ්ඩායම විසිරී ගියත් ඔවුන් නැවත එක්වීමට ගත් තීරණයත් සමඟ සංගීත ක්ෂේත‍්‍රය උණුසුම් වී තිබේ. නමුත් නැවත එක්කාසු වී ඇත්තේ සංගීත කටයුත්තකට නොවේ. ඔවුන් මෙසේ නැවතත් එක් වී ඇත්තේ ස්ටොක්හෝම් හි ‘මමා මියා‘ භෝජනාගාරය විවෘත කිරීමේ අවස්ථාවටය.
මෙය විවෘත කිරීමේ අවස්ථාවේ විශේෂත්වය වූයේ ජනප‍්‍රිය ‘මමා මියා‘ සිනමා පටය සහ ගීත ඇල්බමය රස විඳීමට අවස්ථාව ලබා දී තිබීමයි. මෙම අවස්ථාවට ඇබා සාමාජිකයින් වන බිජෝන් උල්වයුස්, බෙනී ඇන්ඩර්සන්, අන්නි ෆ‍්‍රිඞ්, ලින්ස්ටඞ් සහ අගනෙතා ෆෝල්ට්ස්කොග් ද සහභාගී වූහ. මෙම අවස්ථාවේදී වාර්තාකරුවකු නැඟූ පැනයකට පිළිතුරු දුන් ඇන්ඩර්සන් ඇබා සාමාජිකයින් හතර දෙනා නැවතත් වේදිකාව මත එකට දැකිය හැකි නොවනු ඇති බව පැවසීය. ඇබා කණ්ඩායම විසිර ගියේ 1982 වසරේය. කණ්ඩායමේ සාමාජිකයින් හතරදෙනාම එකම අයුරින් ජන‍්‍රපියත්වය දිනා ගෙන සිටි අතර ඔවුන් කලකට ඉහත දී විවාහක යුවළ දෙකක් ද විය.