FAST NEWS

24×7 Around the Globe

රුසියානු ජනපති පුටින්ට බ්‍රිතාන්‍යයෙන් ඝාතන චෝදනාවක්.

බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවට එක් වූ පුටින් විරෝධී රුසියානුවෙකු ලන්ඩනයේ දී ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් ඍජුවම සම්බන්ධ බවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් තෙරීසා මහත්මිය චෝදනා කරයි.

ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝ නමැති ඔහු 2006 වසරේ ලන්ඩනයේ හෝටලයක දී රුසියානු ඔත්තු සේවා නියෝජිතයන් විසින් විකිරණශීලි විෂ ශරීරගත කිරීමෙන් ඝාතනය කර තිබේ.

එය මොස්කව් නුවර එෆ් සී බී ඔත්තු සේවාව මගින් සැලසුම් කළ ඝාතනයක් බවත් ඒ සඳහා රුසියානු ඔත්තු සේවා ප්‍රධානියාගේ මෙන්ම ජනාධිපති පුටින්ගේ අනුමැතිය ලැබී තිබූ බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය කියා සිටී.