FAST NEWS

24×7 Around the Globe

M.K.D.S ගෙන් හිස්වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ප්‍රජතත්‍රවාදී ජාතික ව්‍යාපාරයටද?

එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලැබුණේ ප්‍රජතත්‍රවාදී ජාතික ව්‍යාපාරයෙන්. ඒ කියන්නේ මෛත්‍රීට සහය දීපු නිදහස් පක්ෂ කට්ටිය, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදුණු පෙරමුණෙන්.

රාජිත, අර්ජුන, හිරුණිකා,චතුර වගේ අය ආවේත් මේ පෙරමුණෙන්.

මේ ව්‍යපාරය නියෝජන කරමින් ජාතික ලැයිස්තුවෙන් ආපු දෙන්න තමයි ජයම්පති වික්‍රමරත්න සහ M.K.D.S ගුණවර්ධන කියන්නේ. ..

M.K.D.S ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ කෙනෙක්ට ලැබෙයි කියල තමයි දැනට ආරංචි වෙන්නේ.

අගමැතිතුමාගේ ස්විට්සර්ලන්ත සංචාරයෙන් පස්සේ මේ පුරප්පාඩුව පිරවෙනව කියලත් අපිට ආරංචි වුණා.