වංචා දූෂණ සිදුකළ පුද්ගලයින්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීම සදහා නැවතත් ආණ්ඩුවෙන් එළියට බසින්නට සිදුවුවහොත් එයට ද තමන් සූදානම් යැයි සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වංචා හා දූෂණ චෝදනා ලැබූවන්ට දඬුවම් දිය යුතු බව පවසමින් සිවිල් සංවිධාන ගෙන යන වැඩපිළිවෙල හා එක්ව තමන් කටයුතු කරන බව ද ඇමතිවරයා කීවේය.
කැබිනට් ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධයවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
දූෂිතයන්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගැනීමට කොන්ද පණ ඇති නීතිපතිවරයෙක් අවශ්‍ය බව කී අමාත්‍යවරයා එවැනි නීතිපතිවරයෙක් පත් කර ගත යුතු බව ද පැවසීය.
මෙහි දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය – පොහොර සහනාධාරය ගැන මතුවී තිබෙන ගැටළුවක් පිළිබදවත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වුණාද? මේ වන විට පොහොර ගෙන්වීම ප‍්‍රමාද වී තිබෙන නිසා ගොවීන්ට මේ කන්නයේ ගැටලූවක් ඇතිවිය හැකියි නේද?
රාජිත සේනාරත්න මහතා. – එහෙම ගැටළුවක් නෑ. ගබඩාවල පොහොර තිබෙනවා. මේ පොහොර නිකුත් කර නැහැ. ඒවා වහාම නිකුත් කර කෘෂි නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ගොවීන්ට ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා. පොහොර ලබාගැනීමට ලියවිලි 5ක් පමණ පිරවීමට ඇති බවට නම් ගැටළුවක් ඇතිවුණා.
ප‍්‍රශ්නය – මේ ගැටලූව ඇති වී තිබෙන්නේ පොහොර සහනාධාරය වෙනුවෙන් වවුචරයක් දීමට ගත් තීරණය නිසාද?
රාජිත සේනාරත්න මහතා – ඒ වගේ අර්බුදයක් තමයි. එය විස`දීමට අවශ්‍ය නියෝග කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ වන විට දැනුම් දී තිබෙනවා. අලූතින් චක‍්‍රලේඛ නිකුත් කර මේ ගැටලූ විසදන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
ප‍්‍රශ්නය – හොරු අල්ලන වැඬේ අතරමග නැවතිලාද? මේ ගැන සිවිල් සංවිධානවලින් නැගෙන චෝදනා පිළිගන්නවාද?
පිළිතුර – අපි හැමෝම එකතුවෙලානේ මේ වෙනස කළේ. මමත් චම්පික ඇමතිතුමාත් මේ ගැන ජනාධිපතිතුමා සමගත් සාකච්ඡුා කළා. සිවිල් සංවිධානත් ඉන්පසු ජනාධිපතිතුමා හමුවුණා. අගමැතිතුමාත් ආ පසු මේ ගැන නිශ්චිත තීන්දුවක් ගන්නවා.
ප‍්‍රශ්නය – මේ ක‍්‍රියාවලිය හරියට වෙන්නේ නැතිනම් සිවිල් සංවිධාන හා එක් වී ඒ වෙනුවෙන් සටන් කරන්නට, අවශ්‍යනම් ඇමතිධූරය හෝ අත්හැර මේ වෙනුවෙන් කතා කරන්නට ඔබතුමා සූදානම්ද?
රාජිත සේනාරත්න මහතා.- ඒක එදාට බලමු. කොහොමත් අපි සිවිල් සංවිධාන සමග ඉන්නවා. ඔවුන් තමයි පසුගිය පාලනය වෙනස් කරන්නට උදව් කළේ. ඒ නිසා ඔවුන් සම`ග එක්ව කටයුතු කරනවා. එදා වගේම ආපසු එළියට බසින්නට සිදුවුණොත් එයටත් සූදානම්.
ප‍්‍රශ්නය – මේ ක‍්‍රියාවලිය හිරවුණේ කොතනද?
රාජිත සේනාරත්න මහතා.- අගමැතිතුමා ආ පසු සාකච්ඡුා කර බලමු.
ප‍්‍රශ්නය – ජනාධිපතිතුමාගෙන් මේ ගැන ඇසුවාම අගමැතිතුමා කැමති නැති බවත් අගමැතිතුමාගෙන් ඇසුවාම ජනාධිපතිතුමා මෙයට කැමති නැති බවත් කියනවාලූ නේද? ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ?
රාජිත සේනාරත්න මහතා – දෙන්නම එකට තියලා ඇහුවාම හරි. ඒත් එහෙම එකක් නැහැ. හරියට විමර්ශන වාර්තා ඉදිරිපත් නොවීම නිසයි ගැටලූව ඇති වී තිබෙන්නේ. හිරුණිකා මන්ත‍්‍රීවරිය අත්අඩංගුවට ගැනීම දින 4කින් සිදුවුණා. ඒත් ඇවන්ගාර්ඞ් වාර්තා අදත් නැහැ. හිරුණිකා මන්ත‍්‍රීවරියගේ සිද්ධියේ අපරාධමය පසුබිමකුත් නැහැ. පැහැරගැනීමක් සිදු කර තිබුණේත් පවුලක් සමගි කරන්නයි.
ප‍්‍රශ්නය – ගිය සතියේ අපි නීතිපති දෙපාර්තමේන්තුව ගැන ප‍්‍රශ්න කළාම ඔබතුමා කිසිත් කීවේ නැහැ නේද?
රාජිත සේනාරත්න මහතා – එදා මේ ගැන කියන්න අධිකරණ ඇමතිතුමා සිටියා. එයාගෙනුයි අහන්න තිබුණේ.
ප‍්‍රශ්නය – නීතිපතිවරයා ගැන අමාත්‍යවරුන්ගේ විශ්වාසය බිඳිලද?
රාජිත සේනාරත්න මහතා. – අපේ නෙවෙයි මහජනතාවගේ විශ්වාසයත් බි`දිලා.
ප‍්‍රශ්නය – මේ සම්බන්ධයෙන් ඇමතිවරු ලෙස ඔබතුමාලා ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?
රාජිත සේනාරත්න මහතා. – හොද නීතිපතිවරයෙක් පත්කිරීමයි කළ යුත්තේ. කොන්ද පණ නැති නීතිපතිවරයෙකුගෙන් වැඩක් නැහැ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.