FAST NEWS

24×7 Around the Globe

2016 විස්සයි විස්ස ලෝක කුසලානය නිසා චමින්ද වාස්ට අයර්ලන්තයෙන් තනතුරක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු සහ පසුව ජාතික කණඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ චමින්ද වාස්ට අයර්ලන්ත  ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක තනතුර සඳහා ආරාධනා කර ඇත.

අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කළ මෙම ආරාධනය චමින්ද වාස් පිළිගෙන ඇති අතර එළඹෙන පෙබරවාරි මස සිට ඔහු එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමීත වේ.

එළඹෙන 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කර ගනිමින් අයර්ලන්ත ක්‍රිකට් බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර සිටියි.