FAST NEWS

24×7 Around the Globe

විමල් එජාපයට සමීප වේ(ඡායාරූප)

ජාතික නිදහස් පෙරමුණේ නව පක්ෂ කාර්යාලය පිටකෝට්ට පාර, අංක 344/3 යන ස්ථානයේ අද (21) පෙරවරුවේ විවෘත කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය වන සිරිකොතට යාබදව පිහිටි ගොඩනැගිල්ලක ජානිපෙ නව පක්ෂ කාර්යාලය පිහිටා ඇත.

මෙහිදී අදහස් දක්වමින් ජානිපෙ පක්ෂ නායක විමල් වීරවංශ මහතා පවසා සිටියේ, වත්මන් ආණ්ඩුවට එරෙහිව බලවේග එකතු කිරීමේ ප්‍රධාන ස්ථානයක් ලෙස නව පක්ෂ කාර්යාලය පවත්වාගෙන යන බවයි.

මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.