මදුරුවන් නිසා පැතිර යන මාරාන්තික සිකා වෛරසය හේතුවෙන් බ්‍රසීලය තවදුරටත් දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබේ.
බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වෛරසය නිසා ලඝු ශීර්ෂතාව (සාපේක්ෂව හිස් කබළ කුඩා) සහිතව උපත ලබන බ්‍රසීල ළදරුවන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සිකා වෛරසයට අදාළව වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 3,893කි.
වෛසරයට අදාළ නවතම අනාවරණයකින් පැවසෙන්නේ, ඩෙංගු මෙන් ම චිකන්ගුන්යා වසංගත රෝග පැතිරීවීමට මුල් වන ඊඩිස් ඓජිප්ටි මදුරුවා විසින් මෙම සිකා වෛරස ය ද පතුරුවනු ලබන බව ය.
සිකා හේතුවෙන් මේ වන විට බ්‍රසීල ළදරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිදුවීම් 44ක් සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර ලතින් ඇමරිකානු රටවල් කිහිපයක ද වෛරස පැතිර ගොස් ඇති අතර කොලොම්බියාවෙන් වාර්තා වී ඇති සිදුවීම් ගණන 13,500කි.









