FAST NEWS

24×7 Around the Globe

මූල්‍ය අපරාධ කොට්ඨාසය තරඟ පාවාදීමට සම්බන්ධ ටෙලි නිළිය පිටිපස.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවාදීමේ සිද්ධීන් සඳහා සම්බන්ධ දැයි පරීක්ෂණ සිදු කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හා ටෙලි නිළියක් ගැනද සිය පරීක්ෂණ යොමුකර ඇතැයි වාර්තා වේ.

ඉකුත් අයි.පී.එල්. තරගාවලියේ මුම්බායිහි පැවැති අවසන් තරගය නැරඹීමට වේගපන්දු පුහුණුකරු අනූෂ සමරණායක සමඟ මේ නිළිය ඉන්දියාවට ගොස් ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු සමඟද අදාල නිළිය කිට්ටු සබඳතාවක් පවත්වා ඇති බව පැවසේ.

එසේම, ජංගම දුරකථන ජාල සාමාගමක හිමිකරුවෙක් සමඟද මැය කිට්ටු සම්බන්ධතා පවත්වා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.