FAST NEWS

24×7 Around the Globe

කළුවිතාරණ හා චන්දන ගෙදර යැවීමේ සුදානමක්?

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණගේ සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දනගේ සේවා කොන්ත්‍රාත්තු දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පරිපාලනය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඔවුන් දෙදෙනාගේම සේවා කොන්ත්‍රාත්තු මෙම මාසයේදී අවසන්වීමට නියමිතයි.

දැනට සේවයේ යෙදි සිටින දිස්ත්‍රික් පුහුණුකරුවන් අට දෙනෙකුගේ කොන්ත්‍රාත්තුද අවසන් වු සැනින් අත්හිටුවා තිඛෙනවා.

රොමේෂ් කළුවිතාරණ සහ උපුල් චන්දන 1996 දී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකයන් වුණා.

පුහුණුකරුවෙකු ලෙස රොමේෂ් කළුවිතාරණගේ සේවා කාලයක වසර 8 කට වැඩි අතර උපුල් චන්දන කලක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.