FAST NEWS

24×7 Around the Globe

ටී.එම් ඩිල්ෂාන් ගැන ටෙලි නිළි උදාරී පත්තරේකට සුපිරි කතාවක් කියලා.

තිලකරත්න ඩිල්ෂාන්ට නවසීලන්තයේදී  ක්‍රීඩා ලෝලියෙකු සමුගන්න කියලා ප්‍රසිද්ධියේ පැවසීම පසුගියදා ආන්දෝලනයක් ඇති කළා.

කොහොම වුනත් පසුගිය සතිඅන්ත පුවත්පතක් මගින් ඒ සිද්ධිය ගැන විවිධ අයගෙන් අදහස් අහලා තිබුණා.

එ අතරීන් ටෙලි නිළී උදාරි වර්ණකුලසූරියද එයාගේ අදහස් දක්වෙලා තිබුණේ මේ විදියට.

‘නවසීලන්තය එක්ක තිබුණ එක්දින තරගයේදී සිදුවූ දෙය හරිම කනගාටුදායකයි. ඩිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් එදා ඔහු කළේ රට නියෝජනය කිරීමයි. ඉතින් රට නියෝජනය කරනා කෙනෙකුට මෙහෙම සලකන එක හරිද? ඒ ප්‍රේක්ෂකයා කවුරුන් වුණත් ඔහු කළ දේ වැරදියි.

ඩිල්ෂාන් වසර ගණනක් රට වෙනුවෙන් උපරිම සේවය කළා. එවැන්නෙකුට මේ විදිහට කතා කිරීම සුදුසු නෑ. තරග පරාජය නරඹන්නන්ට පමණක් නොවේ ක්‍රීඩකයන්ටත් දැනෙනවා. මේ අවස්ථාවේ ඩිල්ෂාන් පවා ඉන්නේ ඉතා ශෝකයෙන් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ වගේ වෙලාවකත් එයාගේ ඉවසීම අගය කළ යුතුයි.

ප්‍රේක්ෂකයන් හිතනවානම් සෑම තරගයක්ම ජයගත යුතුයි කියලා ඒක විහිළුවක්. වඩාත් වැදගත් වන්නේ සහභාගිත්වයයි. ඕනෑම තරගයකින් එක පිලක් පරදිනවා. ඒ වගේම තමයි ඕනම කණ්ඩායමකට අසීරු කාල තියෙනවා. පසුගිය කා‍ලේ ලංකාවේ සංචාරය කරපු බටහිර ඉන්දීය කොදෙව් පිල මුළු තරගාවලියම අසාර්ථක වුණා. ඒ ක්‍රිකට්වල හැටි. ඒක නොදැන ක්‍රිකට් බලන්න එපා කියලා මම ප්‍රේක්ෂකයන්ට කියනවා.“