ජනප්‍රිය ඉන්දීය නිළි අසින් සහ මයික්‍රොමැක්ස් සමාගමේ සම නිර්මාතෘ රාහුල් ශර්මාගේ විවාහය ඊයේ (19) දිල්ලි නුවරදී පවත්වා තිබේ.
විවාහ මංගල්‍යය උත්සව දෙකක් ලෙස පවත්වා ඇති අතර කතෝලික ආගමික චාරිත්‍ර අනුව පැවති උත්සවය උදෑසන පවත්වා තිබේ.
එදිනම සන්ධ්‍යාවේ හින්දු චාරිත්‍රානුකූලව පැවති දෙවන උත්සවය සඳහා ඉහළ ආරක්ෂාවක් සපයා ඇති බව පැවසේ.
ඇයව රාහුල් ශර්මාට හඳුන්වා දුන් බොලිවුඩ් නළු ආක්ශේ කුමාර් දෙවන මනමාලයා ලෙස විවාහ මංගල්‍යයට එක්ව ඇත.










