FAST NEWS

24×7 Around the Globe

ශාරීරික අපහසුතා නැති මත්පැන් වර්ගයක් නිපද වේ.

බොහෝ සෙයින් මත්පැන් පානය කිරීම හේතුවෙන් ඇතිවන හිසරදය ඇතුළු අනෙකුත් ශාරීරික අපහසුතා ඇති නොවන ආකාරයේ මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇතැයි වාර්තා වේ.

එරට ජාතික පුවත් පතක් වන ‘ප්යොන්යැං ටයිම්ස්’ පුවත් පතෙහි මේ බව වාර්තා කර ඇත.

මද්‍යසාර මට්ටම 30%ක් හෝ 40% වන තරමට වුවත් එම මත්පැන් වර්ගය පානය කර කිසිදු හිසරදයකින් තොරව පසුදින අවදිය විය හැකි බව එහි සඳහන් කර තිබේ.

එරටට ආවේණික වූ ඉන්සාම් නැමති ඖෂධීය පැළෑටි වර්ගයක් සහ සහල් යොදාගනිමින් මෙම මත්පැන් වර්ගය නිෂ්පාදනය කර ඇත.

උතුරු කොරියාව විසින් අත්කර ගත් විවිධ ජයග්‍රහණ පිළිබඳව නිරතුරුව වර්ණනාත්මක වාර්තා ඉදිරිපත් කරන එරට මාධ්‍ය පසුගිය වසරේදී ප්‍රකාශ කරන ලද්දේ ඉන්සාම් පැළෑටිය යොදාගනිමින් සෑදු ඖෂධ වලට සාස්, මර්ස් පමණක් නිව ඒඩ්ස් පවා සුවකළ හැකි බවයි.