FAST NEWS

24×7 Around the Globe

දුරකථන ගාස්තු සංශෝධනය වන්නේ මෙහෙමයි.

මෙරට සියලු දුරකථන සේවාවල 2016 පෙබරවාරි 01 වැනිදා සිට ගාස්තු සංශෝධනයක් සිදු කෙරෙනවා.

ඒ අනුව එළඹෙන පෙබරවාරි 01 වැනිදා සිට නව ජංගම දුරකථන සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ගේ ඇමතුම් ගාස්තුවල මෙම සංශෝධනය සිදුවන බවයි වාර්තා වන්නේ

ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන සේවා සපයන්නන් විසින් සිදුකරන ලද ඉල්ලීම් සලකා බලමින් 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලිසංදේශ පනතේ 5(K) වගන්තියට සංශෝධනයක් එකතු කරමින් විනාඩියකට හා තත්පරයකට අය කරන ඇමතුම් ගාස්තු සම්බන්ධයෙක් මෙසේ පොදු ඇමතුම් ගාස්තුවක් ලබාදෙනු ඇති බවද කියැවෙයි.

එහිදී එකම දුරකථන ජාලය තුළ මෙන්ම අදාළ දුරකථන ජාලයෙන් පිටතදී ද එකම අගයක් අය කෙරෙන අතර දේශීය ඇමතුම් සඳහා විනාඩියකට ගණන් බැලීමේදී විනාඩියකට රු.1 යි ශත 50 ක්ද, දේශීය ඇමතුම් සඳහා තත්පරයට ගණන් බැලීමේදී විනාඩියකට රු.1යි ශත 80ක්ද MMS හා SMS සඳහා ශත 20 බැගින්ද ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

සාමාන්‍යෙයන් දැනට අය කෙරෙන ගාස්තු අනුව ජාලයෙන් පිටතදී ලබා ගන්නා ඇමතුමක් සඳහා විනාඩියකට රුපියල් 2.00 ක් අය කෙරෙන බවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන්කරයි.

ඒ අනුවල ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම නව ඇමතුම් ගාස්තු නවක පාරිභෝගිකයන් සඳහා 2016 පෙබරවාරි 01 වැනිදා සිට අය කරන ලෙස මේ වනවිටත් සියලුම දුරකථන සේවා සපයන්නන් දැනුම්වත් කර ඇති බවද සඳහන්. අදාළ දුරකතන සමාගම් සිය ගාස්තු අය කිරීමට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර සහතික කරගත යුතු වනවා.