රුසියාව  ඇමරිකාවට අනතුරු  හගවයි.

රුසියාව ඇමරිකාවට අනතුරු හගවයි.

රුසියානු මුහුදු සීමාව වෙතට යාත‍්‍රා කරමින් තිබූ ඇමරිකානු ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාවක් හරවා යැවීම සඳහා රුසියානු ප‍්‍රහාරක යානා 2ක් ගුවන්ගත කර ඇතැයි වාර්තා වේ.

රුමේනියාවේ කොස්ටැන්ටා වරායෙන් පිටත්වූ යූ.එස්.එස් රොස් ඩිස්ට්‍රෝයරය රුසියානු මුහුදු සීමාව වෙතට යාත‍්‍ර කරනු නිරීක්‍ෂණය කිරීමෙන් පසු රුසියානු SU-24 ප‍්‍රහාරක යානා 2ක් ඒ වෙත පියාසර කර තිබේ.

රුසියානු නාවික හමුදා ප‍්‍රහාරක යානා විසින් ඇමරිකානු යාත‍්‍රාවට කළු මුහුදේ ජාත්‍යන්තර මුහුදු ප‍්‍රදේශයට ආපසු යන ලෙස නියෝග කළ බව ක‍්‍රිමියානු ආරක්‍ෂක අංශ වාර්තා කර ඇත.

ස්පුට්නික් පුවත්සේවය පවසා ඇත්තේ ඇමරිකානු යාත‍්‍රාව කුපිකරවනසුළු හා ආක‍්‍රමණිකව හැසිරුණු හෙයින් නිරීක්‍ෂණ මධ්‍යස්ථාන හා කළු මුහුදේ රාජකාරි කරමින් සිටි යුධ නෞකා කලබලයට පත්වූ බවයි.

දේශසීමා උල්ලංඝනයට එරෙහිව හා ජාතික අභිලාෂයන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බලය යෙදවීමට සූදානම් බව SU-24ජෙට් යානා විසින් ප‍්‍රදර්ශනය කෙරුණු බව රුසියාව පැවසූ නමුත් තම ඩිස්ට්‍රෝයරය කිසිදු අසාමාන්‍ය හැසිරිමක නිරත නොවුණු බවත් එය සියලූ අවස්ථාවන්හි ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ කටයුතු කළ බවත් ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පෙන්ටගන මාධ්‍ය ප‍්‍රකාශක එයිලීන් ලයිනේස් පවසා ඇත්තේ ජාත්‍යන්තර නීතියට ගරු කරමින් ඇමරිකානු නාවික හමුදාව කළු මුහුද තුළ මුර සංචාර සිදුකරන බවයි.