FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ යන්න නාමල් රාජපක්ෂගේ රෙදි බෑග් සුදානමීන්.

වැලිකඩ හිරගදර යාම සදහා තමන් මේ දිනවල රෙදි බෑග් පවා සූදානම් කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි.

නාමල් රාජපක්‍ෂ මීගහජදුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මෙසේද කියා සිටියේය.

‘මෑත දවසක යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් අහලා එවුවා ගෙදර ලිප් කීයක් තිබුණද කියලා. මේ බව දැනගත්තු දා ගෙදර තියෙන ලිප් ගාන ඇහුවනම් ඕකටත් ළගදිම ලියුමක් එන නිසා අම්මා ගෙදර හැදි පිගන් පවා ගණන් කරලා ලිස්ට් එකක් හැදුවා.

අද ආණ්ඩුවේ ප‍්‍රධාන රාජකාරිය වෙලා තියෙන්නේ රාජපක්ෂලා මර්දනය කිරීම මිසක් රට දියුණු කිරීමවත් ජනතාවට සහන දෙන එක වත් නෙමෙයි. මාත් රෙදි බෑග් එක ලෑස්ති කරගෙන ඉන්නේ කොයිවෙලාවේ වැලිකඩ යන්න වේවිද දන්නේ නැහැනේ. මේ අය හැම තප්පරයකම කල්පනා කරන්නේ රාජපක්ෂවරු කොහොමද හිරේ යවන්නේ කියලා’