FAST NEWS

24×7 Around the Globe

විස්සයි විස්ස ලෝක කුසලානය එස්.එස්.සී පිටියේ.

ඉන්දියාවේදී ආරම්භ වීමට නියමීත විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනමන විස්සයි20 ලෝක කුසලානය පෙරේදා (16දා) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

තරගාවලියට සමගාමීව රටවල් 12ක මෙම ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒ අනුව එය පෙරේදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

ඊයේ (17දා) එම කුසලානය ගෝල්ෆේස් පිටියේදී මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණු අතර, අද (18දා) එය එස්.එස්.සී. පිටියේදී ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට තබා තිබේ.

හෙට (19)දිනයේදී ලෝක කුසලානය නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව බලා පිටත් කිරීමට නියමිතය. වත්මන් විස්සයි20 ලෝක ශූරයන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.