FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අද FCID යට

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර්ස් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (18) පෙනී සිටීමට නියමිතයි.ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් ලැබී තිබෙනවා.

ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකදී රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා තරග පාවාදීමකට පොළඹවා ගැනීමකට කිසියම් කණ්ඩායමක් උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගන්නා බවයි පොලිසිය පැවසුවේ.