FAST NEWS

24×7 Around the Globe

දැරියට බරපතල ලිංගික අතවර කළ විවාහක කතට වැඩ වරදී.

වයස අවුරුදු හයක දැරියක්‌ බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දහහත් හැවිරිදි විවාහක තරුණියක්‌ පිළිබඳව තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

අපයෝජනයට ලක්වූ දැරිය සහ ඇගේ මව දිය නෑමට ඔවුන්ගේ නිවස අසල පිහිටි වැවට ගොස්‌ ඇති අතර මෙම විවාහක තරුණිය දැරිය ආපසු සිය නිවසට යන අතරතුර දී තම නිසසට කැඳවා ගෙන ගොස්‌ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බව තඹුත්තේගම පොලිසිය සඳහන් කරයි.

දැරිය විසින් තමා මුහුණ පෑ සිදුවීම මවට පැවැසීමෙන් පසු මව විසින් ඒ බව පොලිසියට දන්වා කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ.