FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්ත ප්‍රදේශයෙන් ගණිකා නිවාසයක් වටලයි.

වැල්ලවත්ත ගාලුපාර ප‍්‍රදේශයේදි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් අනුව ඊයේ (14) දින රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබෙනවා.

වැටලීෙමීදී ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 38ක් වන හංවැල්ල ප‍්‍රදේශයේ කාන්තාවක් සහ ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 38, 20, 21, 40, යන වයස්වල පසුවන බුලත්සිංහල, වවුනියාව, කොළඹ 15, පාදුක්ක ප‍්‍රදේශවල කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (15) දින ගල්කිස්ස ගරු මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.