FAST NEWS

24×7 Around the Globe

කුසල්ට හා රංගනට තරග පාවාදීමට තැත් කල අය හෙළි වේ ?

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක් අතරවාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට තරග පාවාදීමට මුදල් ලබාදීමට උත්සාහ කර ඇත්තේ ගයාන් විශ්වජිත් නැමැත්තෙකු විසින් බව මේවන විට හෙළිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාල අය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල විදෙස්ගතවීමට පෙර පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉඟිකර තිබේ.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හඳුන්වා දී ඇත්තේ වේගපන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක විසින් බවද පැවසේ.

ගයාන්ව අනූෂ රැගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුව සඳහා පන්දු යැවීමටය.

මෙවැනි පන්දු යවන්නකු සම්බන්ධයෙන් කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු හෝ නොදන්නා අතරම මොහු කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩා නොකරන බවද පැවසේ.

රැකියාව නිරූපිකාවන් දීමයි

අදාල නාමික වේගපන්දු යවන්නාගේ ව්‍යාපාරය වන්නේ නිරූපිකාවන් ලබාදෙන ස්ථානයක් පවත්වාගෙන යාමයි.

අදාල ව්‍යාපාරයට අනූෂගේ බිරියගේ සහය ලැබෙන බවද වාර්තා වේ.

මොහු BMW මෝටර් රථයක් භාවිතා කරන අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ප්‍රකටව ඇත්තේ සෙල්ලක්කාර ධනපතියකු ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් වන නායක ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා කුසල් ජනිත් පෙරේරා මොහුගේ කිට්ටු මිතරන් බවද ක්‍රිකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

gayan

gayan-2