FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා යුවළට තර්ජන කළ අයෙකුට එරෙහිව යටෝවිටගෙන් පොලීසියට පැමීණිල්ලක්.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ සැමියා අසල්වැසියකු සමග ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

හිරුණිකා රැගත් වාහනය හැවුලොක් සිටි නිවාස සංකීර්ණයෙන් ගමන් කරන විට එම නිවාස සංකීර්ණයේ පදිංචි තවත් පුද්ගලයෙකු වාහනයෙන් එම නිවාස සංකීර්ණය තුළට පැමිණෙමින් සිට ඇත.

මෙම මාර්ගය පටු වීම නිසා ඉදිරියට යාමට නොහැකි හේතුවෙන් දේපාර්ශවයේම වාහන  මුහුණට මුහුණලා නවතා ඇති අතර දේපාර්ශවයේම කිසිවෙකුත් අනෙකාට ඉඩ දීමට පසුපසට ගැනීමට අකමැති වී තිබේ.

එහිදි පුද්ගලික නාලිකාවකට මෙම සිද්ධිය පවසන බවත් තම නිවස ද ඔවුන්ට නොමිලේ ලබා දී හිරුණිකාට සම්බන්ධ තොරතුරු හෙළි කරන බවත් අනෙක් වාහනයේ පැමිණි පුද්ගලයා තර්ජනය කළ බව හිරුණිකාගේ සැමියා වන හිරාන් යටෝවිට නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද වාර්තා වේ.