FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්‍ෂ මහතා නාන තටාකයක රත්තරන‍් සඟවලා.

තමාට අයත් රාජගිරියේ පීකොක්‌ මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර ඉවත් කර වැලි පුරවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රත්තරන් සහ මුදල් සඟවා ඇතැයි පැතිරෙන කතාව පිළිබඳව සොයා බැලීමට කම්කරු පක්‍ෂයේ නායක ව්‍යාපාරික ඒ. එස්‌. පී. ලියනගේ මහතා තීරණය කර ඇත.

මෙම ප්‍රචාරය පිළිබඳව ඒ. එස්‌. පී. ලියනගේ මහතාගෙන් ඊයේ (12 දා) අප විමසූ මොහොතේ ඒ මහතා කීවේ මෙම කතාව සෑහෙන කලක්‌ තිස්‌සේ ප්‍රචාරය වන නිසා එහි සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පොලිස්‌පතිවරයාට අද හෙටම පැමිණිලි කරන බවය.

ඒ අනුව මෙම වැලි පොලිසිය මගින් පරීක්‍ෂණයට ලක්‌කළ හැකි බව ද ලියනගේ මහතා පැවසීය.