FAST NEWS

24×7 Around the Globe

මහින්ද පළාත් පාලන නියෝජිතයින් සමග තීරණාත්මක ඉදිරි පියවරකට සැරසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

කොළඹ දී පැවැත්වෙන මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් ද සහභාගි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජතයන්ගේ විශේෂ හමුවක් ඊයේ(11) පැවැත්විණි. මෙම රැස්වීමට කොළඹ දිස්ත්‍රික්කයේ සියලූ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

පළාත් පාලන නියෝජිතයින් ඍජුවම ජනතාව විසින් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන පනත සංශෝධනය විය යුතු බව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් මොරටුව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බොහෝ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මැතිවරණ ක්‍රමය මනාප ක්‍රමයටම පැවැත්වීමට වැඩි කැමැත්තක් දැක්වූ බවයි.