FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් ක‍්‍රීඩක මොහොමඩ් ක්‍රීස් ගෙල්ගේ වාර්තාවක් අභිබවයි.

ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් ක‍්‍රීඩක මොහොමඞ් ශෂාඞ් කොදෙව් ක‍්‍රීඩක ක‍්‍රිස් ගේල් අභිබවා යාමට සමත්ව තිබෙනවා. ඒ, සිම්බාවේ කණ්ඩායම සමග පෙරේදා (10) පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේදීයි.

මෙම තරගයේදී මොහොමඞ් ශෂාඞ් පන්දු 67ක් තුළ නොදැවී ලකුණු 118ක් රැස්කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් ඇතුළත්. ඒ අනුව පන්දුවාර විස්ස තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණීමට මොහොමඞ් ශෂාඞ්ට හැකි වුණා.

මීට පෙර එම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ රැඳී සිටියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්. ඔහු පන්දු 57කදී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 117ක්. ලකුණු 156ක් ලබාගෙන එම සටහනේ පෙරමුණේ පසුවන්නේ ඔස්ටේ‍්‍රලියාවේ ආරොන් ෆින්ච්.

නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් සහ දකුණු අප‍්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස් පිළිවෙළින් එහි දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන සිටිනවා.