FAST NEWS

24×7 Around the Globe

මහේලට ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් විස්සයි විස්ස අහිමී වෙයි.

ඔස්ට්‍රේලියානු බිග්බෑෂ්  විස්සයි විස්ස තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටින  මහේල ජයවර්ධනට පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගාවලියේ අවසන් තරග ද්විත්වය (ජනවාරි 13/18) අහිමි වී තිබේ.

පසුගිය ජනවාරි 8 වැනිදා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණක් ලබාගැනීමට දිවයාමේදී මහේල මෙම ආබාධයට ලක්ව තිබේ.

38 හැවිරිදි මහේලගේ ආබාධය සම්බන්ධයෙන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ භෞත චිකිත්සක ජෝන් පෝර්ටර් සඳහන් කර තිබුණේ, මහේල නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවත්, ඉක්මනින් මහේලට සුවය ලැබිය හැකි බවත්ය.