FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය නිලධාරිනිය නාන හා වැසිකිළි යන දර්ශන CCTV කැමරා මගින් බලලා.

මධ්‍යම පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරන කාන්තාවකගේ ගෙදර වැසිකිළියට සහ නාන කාමරයට ඉහළින් CCTV කැමරා හයි කරලා දැන් ගොඩක් කාලෙක ඉඳලා ඇයගේ පවුලේ අය වැසිකිළිය හා නාන කාමරය භාවිතා කරන දර්ශන රූ ගත කරලා කියලා ඒ නිලධාරිනිය විසින් කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් දාලා.

මේ රාජ්‍ය නිලධාරිනියගේ නිවසට යාබදව තියෙන වැසිකිළිය සහ නාන කාමරයේ පියස්ස ආවරණය කරලා නෑ. ඒ නිසා ඇයගේ නිවසේ උඩුමහලේ පදිංචි වෙලා ඉන්න පුද්ගලයන් දෙදෙනා මේ නාන කාමරයට හා වැසිකිළියට ඉහළින් CCTV කැමරාවක් හයි කරලා තම තරුණ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ අය දිය නාන දර්ශන රුගත කරලා කියලා ඇය කියනවා.

මේ ගැන හොයන්න ඒ ගෙදරට ගිය පොලිසියට CCTV වැඩේ මාට්ටු වෙලා තියෙනවා. හැබැයි පොලිසිය කියනවා පැමිණිල්ලක් කළාට හදිසි තීරණයක් නොගෙන දෙපැත්තෙන්ම මේ ගැන කරුණු විමසලා අදාළ CCTV එකේ දර්ශන මොරටුව විශ්ව විද්‍යාල පරිගණක අංශයට පරික්ෂා කරන්න බාර දීලා ඉන් පසුව, වැරද්දක් වෙලා නම් වැරදිකරුවන්ට දඬුවම් කරනවා කියලා.