FAST NEWS

24×7 Around the Globe

සමුගන්න කියූ ප්‍රේක්ෂකයා සමග ඩිල්ෂාන් ගැටුණු හැටි(වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව පිටියෙන් නික්ම යන ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන්නැයි ප්‍රේක්ෂකයෙකු පවසා තිබේ.

එහිදී එම ප්‍රේක්ෂකයා හා තිලකරත්න ඩිල්ෂාන්ට ප්‍රකාශ කර ඇත්තේ “ඩිල්ෂාන් දැන් ඔයා රිටයි වෙන්න“

එහිදී තිලකරත්න ඩිල්ෂාන් පිළිතුරු දී ඇත්තේ “ ඇයි ඔයා ඇවිල්ලා ගහන්නද“ යනුවෙනි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142 රැස් කරගත් අතර ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 81 රැස්කර ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් තුළ ජය හිමිකර ගැනීමට සමත්විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තරඟාවලියේ ජය හිමිකර ගැනීමට සමත් වුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න

[youtube url=”https://www.youtube.com/watch?v=Kv3MWXXfW7w” width=”560″ height=”315″]