සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වුණ විස්සයි විස්ස දෙවන සහ අවසන් කි‍්‍රකට් තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 142 ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
තරඟය පැවැත්වුණු නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව මේ වන විට අයහපත් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.
එහි වේලාවෙන් (10)අලුයම 2.00 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මත්පැන් බී විනෝද වූ බව ඕක්ලන්ඞ්හි ජිවත් වන ශ්‍රී ලාංකිකයන් තම ෆේස්බුක් ගිණුම්වල සඳහන් කර තිබෙනවා.
ක්‍රයිස්චර්ච් හි ලාංකිකයන් සමග ද මත්පැන් සාද පැවැත්වූ බවත් එක් ක්‍රීඩකයෙක් ගෙන් ඊළඟ දවසේ match එක ගහන්නේ කොහොමද ඇසූ විට “දොළහ වෙනකං නිදි මැරුවට බෝලේ හුරුයිනේ” යනුවෙන් පැවසූ බවත් තුෂාර දිසානායක නම් වන එරට සිටින ලාංකිකයෙක් ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.









