FAST NEWS

24×7 Around the Globe

සිංහ ලේ පිටිපස ඉන්නේ කවුද රාජිත හෙළි කරයි.

කලක් තිස්සේ සමාජ වෙබ් අඩවිවල දැවැන්ත සංවාදයක් ඇති කළ ‘සිංහ ලේ’ නාමයේ හිමිකරුවා විදේශකටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හිටපු ලේකම්වරයකුවන රුවන් ෆර්ඩිනැන්ඩස් බව සෞඛ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

අමාත්‍යවරයා මේබව කියා සිටියේ මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී දිලංක ගුණතිලක මහතා විසින් “ඇමතිතුමා වහෙන්ඔරෝ භාෂාවෙන් කියන්නේ ජාතිවාදය ඇවිස්සීම සිදුකරන අය විදේශකටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හිටපු ලේකම්වරයකු වන රුවන් ෆර්ඩිනැන්ඩස් ගැනදැයි” අසමින් අද (07) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

දිලංක අදාල ප්‍රශ්නය ඇසීමට පෙර ජාතිවාදය ඇවිස්සීම සිදුකරන අය පිටුපස මාධ්‍යවේදීන් සිටින බවත්, ඔවුන් පිළිබඳව රජයේ බුද්ධි අංශය අවධානය යොමුකර ඇති බවත් සේනාරත්න මහතා කියා සිටියේය.

එසේම ජාතිවාදය අවුස්සන අය ෆර්ඩිනැන්ඩස් බවද කැබිනට් ප්‍රකාශකවරයා සිය පිළිතුරෙන් එහිදී අනුමත කළේය.

රාජිතගේ ප්‍රකාශ බැරෑරුම් නැහැ – ෆර්ඩි

මේ සම්බන්ධයෙන් අප රුවන් ෆර්ඩිනැන්ඩස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශ එතරම් බැරෑරුම් ලෙස ගනන්ගතයුතු නැති බවයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ඔයවැනි ප්‍රකාශ රාශියක් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

රාජපක්ෂ පාලන සමයේදී තමාව එල්.ටී.ටී.ඊ. කොටියකු ලෙස පුළුල් ප්‍රචාරයක් ලබාදී රාජ්‍ය ආරක්ෂක අංශය උසුගැන්වූ මව්බිම පුවත්පත දැන් තමා සිංහල අන්තවාදියකු යැයි පට්ටගසමින් ප්‍රකාශ නිකුත්කිරීම එතරම් අරුමයක් නොවන බවද ඒ මහතා පැවසීය.

පිංතූරෙ ෆොන්සේකාගේ ලේකම්ගෙ පාටියේ එකක් !

සිංහලේ නාමයේ හිමිකරු ෆර්ඩිනැන්ඩස් මහතා බව පවසමින් පසුගිය කාලයේදී වෙබ් අඩවි හා සමාජ ජාලා වෙබ් තුළ ඡායාරූප 2ක් ඔබ මොබ සැරි සැරූ අතර එය පසුගිය අගෝස්තු 25 වැනිදා කොළඹ ෂැම්රොක් හෝටලයේ පැවැති අපේ ජාතික පෙරමුණේ සභාපති හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ හිටපු ලේකම් සේනක ද සිල්වා මහතාගේ උපන්දින සාදයේදී ගන්නා ලද ඡායාරූප දෙකකි.

එම උපන්දින සාදයට මුදල් අමාත්‍ය රවී කරුණානායක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ආරාධිතයන් 200ක් පමණ සහභාගිවූ එකකි.

අදාල ඡායාරූප පහත දැක්වේ.

SinhaLe 600px 16 01 07SinhaLe1 600px 16 01 07SinhaLe2 600px 16 01 07