FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී බිහිවන නව දේශපාලන පක්ෂය ගැන බැසිල් අදහස් දක්වයි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට අයත් කණ්ඩායම් වර්තමාන දේශපාලනය ගැන කලකිරී සිටින බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා බී.බී.සී. කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර තිබෙනවා.

සියළු දෙනාට එක් විය හැකි නව දේශපාලන ධාරාවක උවමනාව දැන් මතු ව ඇති බවයි ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ.

එවන් බලවේගයක් ගොඩ නැගුන විට ඊට තම දායකත්වය සපයන බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

එවන් බලවේගයක් ගොඩනැගීම පිටුපස ඔබත් සිටිනවා දැයි විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට එවැනි බලාපොරොත්තුවක් නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

රාජපක්ෂ පාලනය බිඳවැටීම පිටුපස ඉන්දියාව හා ඇමරිකාව සිටින බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.