FAST NEWS

24×7 Around the Globe

ඇත්තටම මේ වසරේ කැබිනට්‌ සංශෝධනයක්‌ තියනවාද?

ආණ්‌ඩුවේ මංගල අයවැය ක්‍රියාත්මක වන මෙම වසර (2016) තුළ කිසිදු කැබිනට්‌ අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයක්‌ නොකිරීමට රජය තීරණය කර ඇත.

එහෙත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සිට ආණ්‌ඩුවට එක්‌වීමට කැමැත්ත පළ කොට ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණක්‌ ආණ්‌ඩුවේ ඇමැතිධුර හිමිවනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ ආරංචිමාර්ග පවසති.

එහෙත් දැනට කැබිනට්‌ අමාත්‍යධුර දරන කිසිම ඇමැතිවරයකුගේ තනතුරක්‌ සංශෝධනය නොවෙනු ඇතැයිද වාර්තාවේ.

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර එකඟතාවක්‌ පවතින අතර ඉදිරියේදී ආණ්‌ඩුවට එක්‌වන විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන ඇමැතිධුර පිළිබඳව සාකච්ඡා කොට තීරණය කිරීමට නියමිතය.