කල කම් පලදෙන බව ශිරාණි පුතු පවසයි….

කල කම් පලදෙන බව ශිරාණි පුතු පවසයි….

අපට දුන් වේදනාව නාමල්ලාට දැන් තේරෙන ඇති යැයි හිටපු අග විනිසුරුවරියගේ පුත් ශවින් බණ්ඩාරනායක පවසනවා

නාමල් රාජපක්ෂ මහතා විසින් දමා තිබු ෆේස් බුක් අදහසට ප්‍රතිචාර වශයෙනුයි ඔහු මේ අදහස් සටහන් කර තිබෙන්නේ

පසුගිය දෙවසර තුල පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිස විසින් තමන් හා තම පවුලේ සාමාජිකයින් පීඩාවට පත් කල අවස්ථාවේ තමන් මුහුණපෑ මානසික පීඩනය අද නාමල් රාජපක්ෂ මහතාට තේරුම් ගොස් ඇත්දැයි ශවීන් බණ්ඩාරනායක මහතා ප‍්‍රශ්න කර තිබෙනවා.

ඒ තමන්ගේ මව හා සොහොයුරන් පීඩාවට පත් නොකරන්නැයි ඉල්ලමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ෆේස් බුක් හරහා තබන ලද සටහනට පිළිතුරු ලෙසයි.ඒ සමයේදී තම මව හා පියා අල්ලස් කොමිසමට ගෙන යමින් හිටපු ජනපති ඇතුලු පවුලේ සගයින් විසින් දැඩි පීඩාවට පත්කල බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තම මවට එරෙහිව ගෙන ආ යෝජනාවේදී නීති විරෝධීව කටයුතු කරමින් සිදුකල ක‍්‍රියා මේ වන විට පලදෙමින් ඇති බවද බණ්ඩාරණායක මහතා සදහන් කර තිබෙනවා.ඒ අනුව හිටපු ජනපති ඇතුලු පවුලේ සාමාජිකයින්ටද අල්ලස් කොමිසම , මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇතුලු ආයතන වෙත යාමට සිදුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

 

fdgf