FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 16 ට අඩු දැරියන් 1209ක්ම කැමත්ත මත ලිංගිකව එකතු වෙලා.

පසුගිය වසරේ මුල් මාස 11 ක කාලය තුළදී ස්ත්‍රී දූෂණ 1854 ක් සිදුවී තිබෙන අතර, එලෙස දූෂණයට ලක්වූ 1501 ක් වයස අවුරුදු 16 ට අඩු දැරියන් බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වයස අවුරුදු 16 ට අඩු දැරියන් ස්ත්‍රී දූෂණයට ලක්වීම යටතේ සිද්ධීන් 1209 ක් සිදුව තිබෙන්නේ අදාළ දැරියගේ කැමැත්ත මත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

වයස අවුරුදු 16 ට අඩු සියලුම දෙනා බාල වයස්කරුවන් ලෙස සලකන නිසා ඇයගේ කැමත්ත මත ලිංගිකව එකතු වී තිබුණත් එය වරදක් බවද ඔහු පවසා සිටියේය.