FAST NEWS

24×7 Around the Globe

අයි.එස්.අයි ත්‍රස්තයින් මරා දැමු සිරියානු සුරූපීනිය.(ඡායාරූප)

අයි එස් අයි ත්‍රස්තයින් විසින් රුකියා හසානි නම් සිරියානු (Ruqia Hassani) මාධ්‍යවේදිනියක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයි එස් අයි ත්‍රස්තයින් අණසක පතුරුවා සිටිනා සිරියාවේ -රක්ඛා නම් ප්‍රදේශයේ ජීවත්වූ රුකියා අනුවර්තන නාමයකින් (Nissan Ibrahim) සිය මාධ්‍ය කටයුතු සිදු කර ගෙන ගොස් ඇත.

රුකියා සහානිගේ වයස අවුරුදු 21කි.

මානව හිමිකම් උල්ලංඝනය කරන අයි එස් අයි සටන්කාමීන් පිළිබඳ ඇය වෘත්තීමය ආකාරයෙන් බොහෝ සටහන් තබා ඇත.

එමඟින් අයි එස් අයි ත්‍රස්තයින් සිදුකරනා සියළු දේ ලෝකයාට ඉතා පැහැදිලි ආකාරයෙන් පෙන්නුම් කරයි.

ඒ සඳහා සමාජජාල වෙබ් අඩවිවලින් ප්‍රමුඛවම රුකියා භාවිතා කළේ ට්ව්ටර් ය.

ට්විටර් හරහා ඇය අයි එස් අයි එරෙහිවට කටයුතු කළ තරුණියන් අතරින් එක් අයෙකි.

ඉස්ලාමීය රාජ්‍යයේ නීතියට යටත්ව ගත කරන ජීවිතය පිළිබඳ ඇය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේද සටහනක් ද තබා තිබූ බව විදෙස් මාධ්‍යයන් හි සඳහන්ය.