FAST NEWS

24×7 Around the Globe

සිංහ ලේ පිටුපස ඉන්න අය මෙන්න.

වඩාත් සුවිශේෂී කාරණාව වූයේ මින් පෙර “සිංහල රාවය” සංවිධානයේ විවිධ නිළතල දැරූ කිහිපදෙනෙකුම මෙම නව සංවිධානයේ තනතුරු හෙබවීමයි.

මෙම සංවිධානය “සිංහලේ ජාතික බලමුළුව” ලෙස ඔවුන් හඳුන්වාගත් අතර මීට පෙර සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් ධූරය දැරූ පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මෙම නව සංවිධානයේ මහලේකම් ධූරය දරනු ලබයි.

එමෙන්ම මෙම නව සංවිධානයේ සභාපති ධූරය දරනු ලබන්නේ සිංහල රාවය සංවිධානයේම ජාතික සංවිධායක ලෙස කටයුතු කළ පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් ය.

“සිංහ ලේ” සළකුණ ලෙස තම ඇඟෙහි පච්චයක් ලෙස සටහන් කරගත් නාමල් බණ්ඩාර මහතා ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අතර “සිංහලේ ජාතික බලමුළුව” සංවිධානයේ ප‍්‍රචාරක ලේකම්වරයා වන්නේ ඔහු ය.