ක්‍රිස් ගේල් නියෝජනය කරන මෙල්බර්න් රෙනිගේට්ස් සහ හෝබාර්ට් හරිකන්ස් අතර පෙරේදා පැවැති තරගය අතරතුර බිග් බෑෂ් තරගාවලිය විකාශනය කරන ඕස්ට්‍රේලියානු රූපවාහිනී ආයතනයක සුරූපී නිවේදිකාවක වන මෙල් මැකිලලින් නම් මාධ්‍යවේදිනිය ක්‍රිස් ගේල් සමග ඔවුන්ගේ විවේකාගාරය අසලදී සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේ ක්‍රිස් ගේල් විසින් ඇයට සිදුකරන ලද නොමනා ආරාධනයක් හේතුවෙන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 7200 ක දඩ මුදලක් නියමව තිබුණි.
මේවනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ සුරූපී නිවේදිකාවක වන මෙල් මැකිලලීන් හට මෙයට පෙරද කොදෙව් ක්‍රීඩකයකු වශී වී ඇති බවයි. කොදෙව් පිලේ ඞ්වේන් බ‍්‍රාවෝ 2014 වසරේදී මෙල් ව වර්ණනා කොට තිබුනේ මෙලෙසිනි.
“මට ඇත්තටම ඕන උනේ මෙල් ට හායි කියන්න..ලස්සන මෙල්…මම වාසනාවන්ත උනා ඇයව එක්වරක් සිඩ්නි වලදී මුණ ගැහෙන්න…ඇය තවමත් ලස්සනයි..”
එහි වීඩියෝව බලන්න පහතින්
[youtube url=”https://www.youtube.com/watch?v=DvL4pXlt-wQ” width=”560″ height=”315″]











